NAME
Eagles Summer League 2021
DATES
27-May-21 to 02-Jul-21
LOCATIONS
Dubai - GEMS Wellington
Dubai - Dubai college ground -A
Dubai - Dubai City Walk
Dubai - Dubai Canal
BALL TYPE
TENNIS
# කණ්ඩායමකට එක් ඉනිමකට පන්දු වාර අටක් හිමිවන අතර එක් පන්දු යවන්නෙක් පන්දුවාර දෙකකට සීමා වේ.
# පන්දුව දමා ගැසීම තහනම් වන අතර යම් හෙයකින් පන්දුව දමා ගසනවායැයි විනිසුරු තීරනය කලහොත් අනෙක් කණ්ඩායමට එක් ලකුනක් හිමිවේ.දෙවන වරටත් එම පන්දු යවන්නාම නැවත පන්දුව දමා ගැසුවහොත් එම තරගය තුල නැවත ඔහුට පන්දු යැවිය නොහැක
# මෙම අයදුම් පත පුරවා තරගාවලියට පෙර සංවිධායකවරුන්ට ලබා දිය යුතු අතර මෙහි නම් සදහන් ක්‍රීඩකයින් පහලොස් දෙනාට හැර වෙනයම් කිසිදු ක්‍රීඩකයෙකුට මොනයම් හෝ හේතුවක් නිසා ක්‍රීඩා කල නොහැක.
# ලීග් ක්‍රමයට තරගාවලිය පැවැත්වෙන අතර ප්‍රසාද ලකුනු සටහනේ වැඩිම ලකුනු ලබා ඇති කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට තෝරාගනු ලැබේ.
# එක් එක් තරග ජයග්‍රහනයට ප්‍රසාද ලකුනු හතරක් හිමිවන අතර සම ලකුනු ලැබුවහොත් ලකුනු දෙක බැගින් කණ්ඩායම් දෙකටම ලැබේ.
# අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේදී ප්‍රසාද ලකුනු සටහනේ සම ලකුනු ලබා සිටියහොත් ශුද්ධ ලකුනු වේගය මත අවසන් තරගයට කණ්ඩායම් දෙක තෝරාගනු ලැබේ.
# අනෙකුත් සියලු දේ සම්මත ක්‍රිකට් නීති රීති අනුව පැවැත්වෙන අතර කිසිදු ගැටලුවකින් තොරව මෙම තරගාවලිය සාර්ථකව නිමා කිරීමට සංවිධායක මණ්ඩලයට ඔබ කණ්ඩායමේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.
# සෑම තරගයක්ම කුමන ක්‍රීඩා පිටියේ පැවතුනත් උදෑසන හය වෙනවිට සෑම කණ්ඩායමක්ම පැමින සිටිය යුතුය....6.15 ට කාසිය වාසිය බැලීමෙන් පසු 6.30 ට අනිවාර්යයෙන් ම තරගය ආරම්භ කල යුතුය.මෙය අනිවාර්ය දෙයක් බව සෑම කණ්ඩායමක්ම මතක තබා ගත යුතුය..යම් හෙයකින් කණ්ඩායමක් නියමිත වේලාවට නොපැමිණිය හොත් අනෙක් කණ්ඩායමට නිතරග ජයක් හිමි වනු ඇත.